Tuesday, July 3, 2012

දැරිය දුෂණය කල ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට ගනී.

අකුරැස්ස ප්‍රදේශීය සබා මන්ත්‍රී  එස්.එල් සුනිල් නැමැත්තා ඉකුත් 3 වනදා දැරියක් දූසනය කිරීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.අකුරැස්ස ප්‍රදේසයේ වයස 14 දැරියක් මෙලෙස පැහැරගෙන ගොස් අකුරැස්ස නගරයේ ලැගුම් හලකදී දූසනය  කොට තිබේ.මාතර විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
මීට ඉහතදීද මේ සම්බන්දව සැකපිට  දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.ඉකුත් මස 23-30 අතර කාල පරාසය ඇතුලත මෙම පැහැරගැනීම සිදුවී තිබේ.
මේ ආකාර පැහැරගැනීම් රැසක් ඉහත කාලසීමාව තුලම දක්නට ලැබීම සැබවින්ම අප සංස්කෘතිය තුල ඇත්තාවූ කඩාවැටීම පැහැදිලිවම පෙන්නුම් කරන්නකි.මේ සම්බන්ද නීති රීති  කුමන අකාරයෙන් දැඩි කලද මේ සිදුවීම් වල අඩුවක් මේ  වනවිටද  දක්නට නොමැතිය.
දේශපාලන මට්ටමින් දිගින් දිගටම  ඍජුව මේ දුෂණයන්ට සම්බන්දවීමේ වැඩිවීමක්ද දක්නට ලැබේ.ඒ  තුල පැහැදිලිවම පෙනී යන්නේ නීතිය ක්‍රියාත්මක වීමේදී  යම් යම් අක්‍රමිතා සිදුවන බවකි.මෙය වහාම මගහරවා නොගතහොත් මෙවන් සිදුවීම් පෙර සේම මෙම සිදුවීමේ උණුසුම යාමට පෙරාතුවම සිදුවනු  දක්නට ලැබෙනු නිසැකය..



No comments:

Post a Comment